කැලණිය පන්සල අසල වේල්ලේ ජල මට්ටම උපරිමයට එයි.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

කැලණිය විහාරස්ථානය අසල පිහිටා ඇති හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගංවතුර වේල්ල එහි උපරිම සැලසුම් කළ ධාරිතාවයට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසන්නේ කැළණි ගංඟාව හරහා ජල මට්ටම අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.

මෙම වේල්ල ආශ්‍රිතව කිසියම් හෝ කැඩී බ්දී යාමක් සිදුවුවහොත් ඒ පිළිබඳ කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වී තිබෙනවා.

එබැවින් මෙම වේල්ල අවට සිටින ජනතාව එම වේල්ල කැඩී බිඳී යාමක් හෝ තවදුරටත් හානි වීමක් සිදුවේද යන්න පිළිබඳ දැඩි අවධානයකින් සිටිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව, නාගලගම් වීදියේ මිනුම් මාපකයේ කියවීම අඩි 8.35 දක්වා ළඟා වී ඇති අතර එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ජල මට්ටමයි.

තවදුරටත් වැඩිවීමක් නොමැතිව ජල මට්ටම් ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...