විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී හදිසි අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ සිට ජීවිතක්ෂයට පත්වූ 41 හැවිරිදි වියේ පසුවූ වින්ඩ් කමාර්ඩ්ර් නිර්මාල් සියඹලාපිටිය පිළිබඳ ගුවන් හමුදාවෙන් විශේෂ සටහනක් තබා තිබෙනවා.

ලුණුවිල පාලම අසල රැස්ව සිටි පිරිසකට ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙමින් සිටියදී ඊයේ (30) මෙම අනතුර සිදුවී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල්-212 හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩ බෑමට සිදුව තිබුණා.

පාලම මත මිනිසුන් සිටගෙන සිටීම නිසා එය අස්ථාවර වූ අතර ආරක්ෂිතව ගොඩබෑමට උත්සාහ කිරීමේදී අනතුර සිදුවී ඇති බව ගුවන් හමුදාව පවසනවා.

සහකාර නියමුවා සහ යානයේ සිටි අනෙකුත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනා සිද්ධියෙන් දිවි ගලවා ගෙන ඇති අතර දැනට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

කෙසේ වෙතත්, වෛද්‍ය කණ්ඩායමේ උපරිම උත්සාහය ව්‍යර්ථ වී කපිතාන් නියමු, වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ඛේදජනක ලෙස තුවාල ලබා මිය ගිය බව එහි දැක්වෙනවා.

ඔහු ඉතා පළපුරුදු හෙලිකොප්ටර් නියමුවෙකු වූ අතර ඔහුගේ කීර්තිමත් සේවා කාලය තුළ පියාසර පැය 3,000 කට වඩා රැස් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මණ්ඩලයක් පත් කර විමර්ශනය ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Latest News

More like this

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...

දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන...

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...