කැලණිය පන්සල අසල වේල්ලේ ජල මට්ටම උපරිමයට එයි.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

කැලණිය විහාරස්ථානය අසල පිහිටා ඇති හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගංවතුර වේල්ල එහි උපරිම සැලසුම් කළ ධාරිතාවයට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසන්නේ කැළණි ගංඟාව හරහා ජල මට්ටම අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.

මෙම වේල්ල ආශ්‍රිතව කිසියම් හෝ කැඩී බ්දී යාමක් සිදුවුවහොත් ඒ පිළිබඳ කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වී තිබෙනවා.

එබැවින් මෙම වේල්ල අවට සිටින ජනතාව එම වේල්ල කැඩී බිඳී යාමක් හෝ තවදුරටත් හානි වීමක් සිදුවේද යන්න පිළිබඳ දැඩි අවධානයකින් සිටිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව, නාගලගම් වීදියේ මිනුම් මාපකයේ කියවීම අඩි 8.35 දක්වා ළඟා වී ඇති අතර එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ජල මට්ටමයි.

තවදුරටත් වැඩිවීමක් නොමැතිව ජල මට්ටම් ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...