විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම් වලින් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට චීනය ශ්‍රී ලංකාවට සහයෝගය පළ කර තිබෙනවා.

චීන රතු කුරුස සංගමය ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති අතර චීන රජයෙන් තවදුරටත් ආධාර ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ විදේශ චීන සංගමය ද පරිත්‍යාග සිදු කර ඇති අතර ඒ අනුව බලපෑමට ලක් වූ ප්‍රජාවන් සඳහා රුපියල් මිලියන 10 ක් ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!