සභාපති ඉවත්කිරීම ටෙලිකොම් මිළදී ගැනීමට යන විදෙස් සමාගමක කුමන්ත්‍රණයක්..?

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මාධ්‍ය සාකච්ජාවක් කැඳවමින් කියා සිටියේය.

අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු පැවසුවේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් පත්කර තිබේ.

ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කර තිබූ නිවේදනයක දැක්වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු පැවසුයේ, ශ්‍රී ලංකා රජයට හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් මිලදී ගැනීමට සුදානමින් සිටින ලන්ඩනයේ පදිංචි මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ අයකු විසින් කුමන්ත්‍රණකාරී ලෙස රොහාන් ප්‍රනාන්දු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කලාදැයි බරපතල සැකයක් මතුව ඇති බවයි.

එසේම මෙම කුමන්ත්‍රණයට ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් හිමි මැලේසියානු සමාගම ද සම්බන්ධ බවට සැකයක් මතුව ඇති පැවසු එම ප්‍රකාශකයා, මැලේසියානු සමාගම සතු සතු කොටස් මිළදී ගැනීමට ද ඉහත කී ව්‍යාපාරිකයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද කියා සිටියේය.

එම ලන්ඩන් සමාගමේ ප්‍රධානියා මේවනවිට ලංකාවට පැමිණ ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

සබැඳි පුවත් : ශ්‍රී ලංකා ටෙලිකොම් විකිනීමට එරෙහිවූ සභාපති ඉවත්කරයි

I was removed through a ‘Boardroom coup’ : Former SLT Chairman

– Theleader

Latest News

More like this

සෙවණැලි බැංකු පද්ධතියක් (Shadow Banking) බිහිවීමේ අවධානමක්.. ෆයිසර් මුස්තෆා අනතුරු අඟවයි

යෝජිත වරාය නගර කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත මගින්...

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...