කලාකරුවෝ ‘‘ඉරාජ් එක්ක බෑ..’’ කියු නිසා ‘රඟහල’ ප‍‍්‍රසංගය නවතා දමයි..

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ලබන 28 වනදා සංවිධානය කර තිබු ‘රඟහල’ සංගීත ප්‍රසංගය මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් නවතා දැමීමට අදාල සංවිධායකයන් අද(21) තිරණය කර තිබේ.

ප‍්‍රවේශපත‍්‍ර ලබාගත් අයට මුදල් ආපසු ගෙවීමටද කටයුතු සලස්වා ඇති බව දැනුම් දේ.

කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල ප‍්‍රධාන කොටගත් ප‍්‍රසංගයක් ලෙස පවත්වන බව මුල් නිවේදන වල දැක්විණි.

නමුත් පසුව සංවිධායකයින් මෙම ප‍්‍රසංගයට ඉරාජ් වීරරත්නවත් ගෙන්වීමට තීරණය කර ඇති අතර, ඉරාජ් වීරරත්න පැමිණීමට විරෝධය පළ කරමින් මොවුන් මෙම ප‍්‍රසංගයෙන් ඉවත්වන බවට සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබා තිබිණි.

Latest News

More like this

රවින්ද්‍ර රන්දෙණිය ගාමිණී අභිභවා ගියා – ප්‍රීති රන්දෙණිය (වීඩියෝ)

සිනමාවේ දී රවින්ද්‍ර රන්දෙණිය ගාමිණී අභිභවා ගියා යැයි ප්‍රීති...

පුෂ්පිකාගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19

මීට වසර තුනකට පෙරදී (2021) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ...

වසරක් තුළ වූ දෙවැනි විවාහය ගැන සුපිරි ක්‍රිකට් තරු රෂීඩ් හෙළිකරයි

ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ්...

මෙක්සිකෝ රූ රැජිනට තායිලන්තයේදී කැතවැඩක් !

විශ්ව රූ රැජින තරගාවලියට පෙර පැවැත්වෙන උත්සවයකදී සත්කාරක තායිලන්තයේ...