හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකා රජයට පවරා ඇති නඩුවට ඇමරිකානු රජය මැදිහත් වෙයි

ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ ගෙවීම පැහැර හරින ලද ඩොලර් මිලියන 250 ක බැඳුම්කර අයකර ගැනීම සඳහා එක්සත් ජනපද බැංකුවක් වන හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකා රජයට එරෙහිව පවරා ඇති නඩුවට මැදිහත් විය හැකි බැවින් තීන්දුව ප්‍රමාද කිරීමට නිව්යෝර්ක් නුවරින් කටයුතු කරන බව ගෝලීය ආර්ථික මාධ්‍ය දැවැන්තයෙකු වන Financial Times වාර්තා කර තිබේ.

නිව්යෝර්ක් හි දකුණු දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නීතීඥ ඩේමියන් විලියම්ස් විසින් 2023 අගෝස්තු 30 දිනැති ලිපියක් එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඩෙනිස් කෝට් වෙත යවමින් මේ සම්බන්ධයෙන් “එක්සත් ජනපද ආණ්ඩුවේ විභව සහභාගීත්වය පිලිබඳව උසාවියට ​​දන්වන ලෙස ඉල්ලා ඇත.

ස්වෛරී සහ වාණිජ ණය හිමියන් (විදේශීය ආණ්ඩු සහ බැංකු ඇතුළු විදේශීය අරමුදල්) සමඟ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වන තෙක් මාස හයක කාලයක් සඳහා තීන්දුව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාව මෝසමක් ගොනු කරන ලදී.

මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සක්‍රීයව සලකා බලමින් සිටින අතර එහි විභව සහභාගීත්වය අධිකරණයට දැනුම් දීමට එක්සත් ජනපදය අපේක්ෂා කරනු ලබන බව ඉහත ලිපියෙන් දැනුම් දී තිබේ.

එක්සත් ජනපදයට එවැනි උනන්දුවක් දක්වන ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන තෙක් අපේක්ෂිත යෝජනාව පිළිබඳ අධිකරණ තීන්දුව කල් තබන ලෙස රජය ගෞරවයෙන් ඉල්ලා සිටින බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 2022 ජුනි මාසයේදී මෙම නඩුව ගොනු කරන ලද්දේ මෙම විශේෂිත බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් බිලියන 1 ක් පැහැර හැරීමෙන් පසුව වන අතර, ශ්‍රී ලංකාවේ ජ්‍යාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 ක් හැමිල්ටන් රිසර්ව් බැංකුව සතුවේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය තවමත් නඩුවේ මෙම වර්ධනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බව Financial Times වාර්තාව පවසයි.

Latest News

More like this

ලෝක බල අරගලය, මෙරට බල හුවමාරුවකට හේතු විය හැකියි.. හිටපු ජනපති රනිල්

ලෝක බල අරගලයක් දෙසට ගමන් කරමින් සිටින පසුබිමක මෙරට...

විද්‍යුත් පාස්පෝට් සිද්ධිය : අධිකරණයට අපහාස කළ බව ඉලූ‍ක්පිටිය පිළිගනී

විද්‍යුත් විසා ලබාදීමේ සේවය විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන...

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
error: Content is protected !!