මිනිත්තු කිහිපයක් තුළ සෝපානයක් තුළ දරුවෙක් බිහිකර කුණු බක්කියට දමා යන ගැහැණියක්

දකුණු චීනයේ ගැබිනි කාන්තාවක් මිනිත්තු කිහිපයක් ඇතුළත විදුලි සෝපානයක් තුළ දී ප්‍රසූතිය සිදු කර අලුත උපන් බිළිඳා කුණු කූඩයකට දමා ගොස් තිබේ.

අගෝස්තු 21 වන දින චොංකිං හි පටිගත වූ කම්පන සහගත CCTV දර්ශන එරට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වූ බව සඳහන් ය.

එම දර්ශනවල කළු පැහැති ඇඳුමින් සැරසුණු කාන්තාවක් ගමන් මල්ලක් සමඟ විදුලි සෝපානයකට ඇතුළු වන ආකාරයත් සුළු මොහොතකින්, ඇය තම කලිසම් කකුලට යටින් අලුත උපන් බිළිඳකු එළියට ගන්නා ආකාරය සටහන් වී තිබිණි.

දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇගේ සහ දරුවාගේ රුධිරය සහ සෝපානයෙ බිම පිස දැමීමට කටයුතු කරන ඇය කිසිවකුට නොදැනෙන ආකාරයෙන් එම ස්ථානයෙන් පිටවීමට දුර්වල උත්සාහයක නිරත වන ආකාරය දක්නට ලැබේ.

මිනිත්තු දෙකකට පසු, ඇය සෝපානයෙන් පිටව, ළදරුවා අසල කුණු කූඩයකට දමා යාමට කටයුතු කරයි.

පසුව ආරක්ෂක නිලධාරියෙකු විසින් දරුවා සොයා ගැනීමෙන් පසු හදිසි සේවා වහාම කැඳවා, දරුවා අසල පිහිටි රෝහලකට ගෙන යන ලද බව වාර්තා පවසයි.

Watch Video..>> Million in China watch chilling CCTV footage of woman giving birth in lift, minutes later dumping alive newborn in dustbin

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...