2020 වසරේ පැවති ලංකා ප්‍රිමියලීග් පළමු අදියරට සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙකුට මුදලට තරඟ පාවා දීම සඳහා ජ්‍යාත්‍යන්තර බුකිකරුවන්ගේ ශ්‍රී ලාංකික ඒජනත්වරයා ලෙස කටයුතු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර ඇත්තේ, සැප්. 15 වන දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත ලෙස ය.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරට සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජ්‍යාත්‍යන්තර බුකීකරුවන් හරහා තරග පාවා දීමට බල කර ඇතැයි සචිත්‍ර සේනානයකට එරෙහිව චෝදනා එල්ල විය.
පසුව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු ඔහු ඊයේ (සැප්. 6) අත්අඩංගුවට පත් විය.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කරනු ලැබුවේ 2019 ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් වූ පළමු නඩුව මෙය බවයි.
ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සැකකරු රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව පසෙකලා මුදලට ක්‍රිකට් ක්‍රීඩාව කිරිමේන් දුෂණය නැමති වැරැද්ද සිදු කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
තරිඳු රත්නායක හා ධම්මික පීරිස් යන ක්‍රීඩකයන්ට මුදලට තරඟ පාවා දීම සඳහා සැකකරු පොළඹවා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව මෙහි දී සඳහන් විය.