සලේට පිල්ලෙයාන්ට වහාම නීතිය ක‍්‍රියාත්මක කරන්න – විජිත හේරත්

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ඇමැති රනිල් ජනපතිවරයාට අවධාරණ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බැව් පැවසුවේ ජාතික ජන බලවේගය ඊයේ (06) පැවැත්වූ මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

චැනල් ෆෝ නාලිකාව තුළින් මව්ලානා හෙළිකරන තොරතුරු අනුව නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති පිල්ලෙයාන් සහ දැනට රාජ්‍ය බුද්ධි ඒකකයේ ප‍්‍රධානියා වන, සුරේෂ් සලේ මේ කණ්ඩායමත් සමග ඍජුව ගනුදෙනු කළ බව පැහැදිලියි.

මේ වාර්තාව නිකුත් කරන බව ප‍්‍රචාරය කළ සැනින් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ම ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී මව්ලානා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කළා. නමුත් මේ මව්ලානා ගෝඨාභය රාජපක්ෂ, පිල්ලෙයාන් එක්ක සිටින ඡායාරූප හමුවී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ දැන් ජනාධිපති ධුරයේ නැහැ. ඒ නිසා ඔහුට මුක්තිය නැහැ. ආරක්ෂක ඇමැතිවරයාට ́නෑම වෙලාවක දැන් පුළුවන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තිබුණු චෝදනා සියල්ල නැවත විභාගයට ගැනීමේ ක‍්‍රියාමාර්ග සලසන්න. රනිල් වික‍්‍රමසිංහගේ වගකීම ඒ නඩු කටයුතු වහාම ක‍්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් දීමයි.

චෝදනා තිබෙන සුරේෂ් සලේ තාමත් රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා. ඔහු එම තනතුරේ තබාගෙන පරීක්ෂණ සිදුකිරීමේ කිසිදු ප‍්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආරක්ෂක ඇමැති රනිල් වික‍්‍රමසිංහට ජාතික ජන බලවේගයේ අපි බලකර කියන්නේ සුරේෂ් සලේව වහාම තනතුරෙන් ඉවත් කරන්න කියලයි. ඒ වගේම ඔහුට සහ පිල්ලෙයාන්ට විරුද්ධව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් වහාම අලුතෙන් පටන්ගත යුතුයි.

ජීවිත අහිමි වූ සිය ගණනක් දෙනා වෙනුවෙන්, යුක්තිය ඉටුකරන්න නම්, චූදිතයන්ට දඬුවම් කිරීමේ ක‍්‍රියාමාර්ග රටේ ආරක්ෂක ඇමැති රනිල් වික‍්‍රමසිංහ විසින් වහාම ක‍්‍රියාත්මක කළ යුතුයි. මහ මොළකරුවන්ට එරෙහිව නැවත පරීක්ෂණ මුල සිට ආරම්භ කරන ලෙස ජාතික ජන බලවේගයේ අපි අවධාරණය කරනවා

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!