චැනල් 4 පාස්කු ප්‍රහාරය ගැන සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට දේශීය නාලිකාවක් සමඟ එක් වෙලා මාව නොමඟ යැව්වා – කෝන්ගහගේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතනයකින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර තමන් නොමඟ යවමින් තමාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව ස්විට්සර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ අවධාරණය කර තිබෙනවා.

එම ප්‍රකාශය ලබාගත් මාධ්‍යවේදියා තමන්ට ලන්ඩනයේ ITN නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් අවශ්‍ය බව පැවසූ බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව එම සම්මුඛ සාකච්ඡාව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් ලබා ගත් එකක් බව තමන් කිසිවිටෙක දැන නොසිටි බවත්, තමන් දැන සිටියේ නම් කිසිදු ප්‍රකාශයක් නොකරන බවත් ඔහු පවසනවා.

තමාට බොරුවක් පවසා සුදු ජාතිකයන් දෙදෙනකු තම නිවසට ගෙන්වා ගත් බවත් චැනල් ෆෝ නාලිකාව තම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවත් ඔහු කියා සිටියා. මෙම පුද්ගලයා පසුගිය වසරේ මාර්තු මාසයේදී තමාට කතා කළ බවත් ඒ අනුව අදාළ සම්මුඛ සාකච්ඡාව ලබාදුන් බවත් ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ඔවුන් මගේ නිවසට පැමිණ අදාළ සම්මුඛ පරීක්ෂණය පැවැත්වූවා. ඒත් මට කිව්වේ ලන්ඩන් අයිටීඑන් නාලිකාවට කියලා. ඒ නිසා මම ඔවුන්ට සම්මුඛ සාකච්ඡාවකුත් දුන්නා. නමුත් පසුව ඔවුන් එය බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ ප්‍රචාරය කළා. පස්සේ තමයි දැනගත්තේ. මුලදී මම මේ ගැන දැනගෙන හිටියා නම් මම ඒ නාලිකාවට කිසිම සම්මුඛ සාකච්ඡාවක් දෙන්නේ නැහැ.

“පෞද්ගලික නාලිකාවක වැඩ කරන මගේ යාළුවෙක් මෙහෙම ආවා. මම කිව්වා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ISIS ත්‍රස්තවාදීන්ගේ හෝ මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් කියලා. මම ඇහුවා 2005 සහ 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ දිනුවේ කොහොමද කියලා. ඒ කාලේ ජනප්‍රියම පුද්ගලයා මහින්ද රාජපක්ෂයි.”

එසේම අවශ්‍ය දර්ශන බ්‍රිතාන්‍යයේ චැනල් 4 වෙත දේශීය රූපවාහිනී නාලිකාවක් විසින් ලබා දී ඇති බව ද ඔහු චෝදනා කළා.

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!