වසර 1000 ක් පැරණි පිටසක්වල සිරුරු දෙකක් මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට

මෙක්සිකෝ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදියෙකු සහ UFO (හඳුනානොගත් පියාසර වස්තු) විද්‍යාඥයෙකු වන Jaime Maussan විසින් වීදුරු පෙට්ටිවල දමා ඉදිරිපත් කරන ලද පොසිල සිරුරු වසර 1,000ක් පැරණි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙක්සිකානු කොංග්‍රසයේ විශේෂ සැසිවාරයකදී “පිටසක්වල” ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු දේශපාලනඥයන් ඉදිරියේ ප්‍රදර්ශනය කෙරිණි.

මාධ්‍යවේදී සහ UFO විද්‍යාඥ Jaime Maussan විසින් ඉදිරිපත් කරන ලද සහ වීදුරු පෙට්ටිවල ප්‍රදර්ශනය කරන ලද පොසිල සිරුරු, පේරු හි Cusco වෙතින් ලබාගෙන ඇති අතර ඒවා වසර 1,000 ක් පැරණි බවයි පැවසෙන්නේ.

මෙක්සිකෝවේ ජාතික ස්වයං පාලන විශ්ව විද්‍යාලය (UNAM) විසින් සාම්පල විශ්ලේෂණය කළ අතර DNA සාම්පල ලබා ගැනීමට සමත් වූ විද්‍යාඥයින් ඔවුන්ගේ වයස තීරණය කිරීම සඳහා රේඩියෝ කාබන් පරීක්ෂණ යොදා ගත් බව සඳහන්.

“විශාල විශ්වයේ අපි තනිවම නොවේ, අපි මෙම යථාර්ථය පිළිගත යුතුයි,” මානව නොවන ජීවීන් සහ තාක්ෂණයන් ගැන ඉගෙන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව තර්ක කළ මවුසාන් පවසා තිබෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...