උසස් පෙළ විභාගය කිසිලෙසකින්වත් කල් දාන්න එපා.. – අධ්‍යාපන විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

අපොස උසස් පෙළ විභාගය දැනට නියමිත දිනවලදී පවත්වන ලෙස අධ්‍යාපන විශේෂඥයින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

Covid-19 වෛරසය පැතිරීම තුළ විභාග කල්දැමීම හේතුවෙන් විවිධ විභාගවලට මුහුණ දුන් සිසුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව ඔවුහු පවසති.

මේ වනවිට තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් නියමිත පරිදි විභාග පැවැත්විය යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.

කිසියම් හේතුවක් මත විභාගය කල් දැමුවහොත් අනෙකුත් සියලුම විභාග සහ පිළිතුරු පත්‍ර ඇගයීම් නැවත ප්‍රමාද වන බව ඔවුහු පවසති.

උසස් පෙළ විභාගය තරඟකාරී විභාගයක් බැවින් කිසිදු සිසුවෙකුට අසාධාරණයක් නොවන බව පෙන්වා දෙන ඔවුන් පාසල්වල විභාග ක්‍රියාපටිපාටිය සහ අධ්‍යාපන කටයුතු සිදු කර ඇති බැවින් උසස් පෙළ කිසිසේත් කල් නොදැමිය යුතු බව ද අවධාරණය කරයි.

Latest News

error: Content is protected !!