රස පරීක්ෂක වාර්තාවට අනුව ෂාෆ්ටර්ගේ වමනය තුළ සයනයිඩ් හෝඩුවාවක් නැහැ – අවසන් තීන්දුව ළඟදීම.

ජනශක්ති අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඳුම්වලින් ලබාගත් වමනය සාම්පලයේ සයනයිඩ් අඩංගු වූ බවක් රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් නොවන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති නීතීඥ සාලිය මේ බව සඳහන් කළේ ෂාෆ්ටර්ගේ මරණයට අදාළ නඩුව සඳුදා (25) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම මරණය සයනයිඩ් විෂ ශරීරගත වීමෙන් සිදු වූවක් බව අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් ප්‍රකාශ කළත් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩල කමිටුවේ අවධානය යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බව ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ෂාෆ්ටර්ගේ සිරුර පුරා තුවාල ඇති බවත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නොමැති බවත්, මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණුවලින්ද ෂාෆ්ටර්ගේ මානසික තත්ත්වය පිළිබිඹු නොවන බවත් ඔහු අධිකරණය හමුවේ පැවසීය.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් ද විද්වත් මණ්ඩලයේ අවධානය යොමු කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතීඥවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සියල්ල විද්වත් කමිටුවට දන්වා ඇති බැවින් එම නියෝග අනවශ්‍ය බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම පමණක් සටහන් කරන බව ප්‍රකාශ කළාය.

පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය ෂාෆ්ටර්ගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ සියල්ල අවසන් කර ඇති බව දන්වා ඇති බැවින් දේහය ඔහුගේ සොහොයුරන්ට මුදාහරින ලෙස අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය විද්වත් මණ්ඩලයට නියෝග කළාය.

විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් ගාල්ල කරාපිටිය රෝහලේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් අවසන් නිගමනය ඉදිරියේදී ලබාදෙන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!