ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 225 ටම චීනයේ සැලකිලි..

කලාපයේ හෝ වෙනත් ඕනෑම රටකට වඩා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හුවමාරු වැඩසටහන් ලබා දීමට චීනය වැඩි නැඹුරුවක් දක්වන බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන තත්ත්වයකි.

පසුගිය පාර්ලිමේන්තුවේ ද සාමාජිකයින් 225 දෙනාටම චීන සංචාර හුරුපුරුදු සාමාන්‍ය තත්ත්වයක් විය.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විටත් චීනයට ගොස් ඇති අතර ඉතිරි පිරිසට පහසුකම් සැලසෙන තවත් වැඩසටහන් නුදුරු අනාගතයේ දී සිදු කිරීමට කටයුතු කරමින් පවතින බව ද වාර්තා වී තිබේ.

මෙම වැඩසටහන්වලට මන්ත්‍රීවරුන් නොවන දේශපාලනඥයන්ද ඇතුළත් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

චීනය, එහි ආර්ථික, තාක්‍ෂණික හා විද්‍යාත්මක ආශ්චර්යයන් සමඟ නැගී එන බලවතෙකු ලෙස එහි ජාත්‍යන්තර කටයුතු වේගවත් කරනු ලැබූ රටකි. ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ සිය උපායමාර්ගික හැරීමට අනුව, චීනයේ අවශ්‍යතා සඳහා ප්‍රධානම සාධකයක් වේ.

ප්‍රතිපත්ති සම්පාදනයේදීත් ක්‍රියාත්මක කිරීමේදීත් තීරණ ගැනීමේදීත් වඩාත්ම වැදගත් වන්නේ මන්ත්‍රීවරුන් වීම චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙම නැඹුරුවට හේතුවක් විය හැකිය.

ඔවුන් බලයේ සිටින පක්‍ෂය සමඟ පමණක් ගණුදෙනු කරනවා වෙනුවට සියලු පක්‍ෂ සමඟ සම්බන්ධ වීමට උත්සහ කරමින් සිටියි.

ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ප්‍රධානියා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

මෑත කාලයේ චීනයට ගිය පාර්ලිමේන්තු නියෝජිතයන් මෙහෙයවූයේ ද ඔහු විසින් බව කියනු ලැබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෙන යන පුණ්‍ය කටයුතු සඳහා ද චීන තානාපති කාර්යාලයේ මුදල් පරිත්‍යාග සිදු වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව වැනි බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය කුමන හෝ අවස්ථාවක නැවත බලයට පත් වනු ඇතැයි සිතිය හැකිය. දේශපාලන භේදයන් නොසලකා සියල්ලන් සමඟ පොදුවේ සම්බන්ධ වීම චීන කොමියුනිස්ට් පක්ෂයේ උපාය මාර්ගික ප්‍රවේශය බව විශ්ලේෂකයන් පවසයි. එම නිසා චීනය බලයේ සිටින පක්ෂයට පමණක් තම සම්බන්ධය සීමා නොකර පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා වෙත ළඟා වෙමින් සිටින බව තහවුරු වෙමින් පවතී.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!