හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රාලයට රිංගා නිරායුධ සිවිල් වැසියන් මරාදැමීමත් සමඟ ගාසා තීරයේ දරුණු සටන් ඇරඹේ

හමාස් ත්‍රස්තවාදීන් නිරායුධ ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කර අද උදෑසන එල්ල කරන ලද රොකට් ප්‍රහාරයෙන් අවම වශයෙන් 40 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

දේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවා ගොස් ඇති බවයි.

පලස්තීන සටන්කාමීන්ගේ එම රොකට් ප්‍රහාරවල ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පලස්තීන බලධාරීන්ට අනුව ගුවන් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 161 දෙනෙකු මිය ගොස් 1,000 ක් තුවාල ලබා ඇතැයි සඳහන්.

මෙම ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ පලස්තීනයට එරෙහි යුද්ධය දැන් ආරම්භ වී ඇති බවයි.

සටන්කාමී කණ්ඩායමේ තුවක්කුකරුවන් සිය ගණනක් ඊශ්‍රායලයට රිංගා, සාමාන්‍ය සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇති බව පැවසෙනවා.

ඇතැම් සමාජ මාධ්‍ය වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ පලස්තීන තුවක්කුකරුවන් පැහැරගැනීම් ද සිදු කර ඇති බවයි.

මේ අතර එක්සත් ජනපදය ඊශ්‍රායල නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර පලස්තීන සටන් කාමීන් එල්ල කර ප්‍රහාරය හෙළා දැක ඇති බවයි වාර්තා වෙන්නේ.

හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායල සිවිල් වැසියන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රකෝපකාරී ප්‍රහාර එක්සත් ජනපදය අවිවාදයෙන් හෙළා දකින බව ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා Adrienne Watson නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

” ත්‍රස්තවාදය කිසිවිටෙක සාධාරණීකරණය කළ නොහැක. අපි ඊශ්‍රායල රජය සහ ජනතාව සමඟ ස්ථිරව සිටින අතර මෙම ප්‍රහාරවලින් අහිමි වූ ඊශ්‍රායල ජීවිත වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරමු.”

ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan ඊශ්‍රායල ජාතික ආරක්ෂක උපදේශක Tzachi Hanegbi සමඟ කතා කර ඇති බවත් එක්සත් ජනපදය “අපගේ ඊශ්‍රායල හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන” බවත් ඇය පවසා තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!