රනිල්ගෙන් පොහොට්ටුව බේරගන්න බැසිල් නාමල් ලොකු සටනක

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ග්‍රහණයට නතු වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගලවා ගැනීමේ හා රනිල්ගේ මෙහෙයුම් පරාජය කිරීමේ තීරණාත්මක දිනයක් ලෙස අද (01) මැයි දිනය යොදා ගන්නා ලෙස බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ නායකයින් එම පක්ෂයේ ආසන සංවිධායකයින් හට සහ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු හට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට පොහොට්ටුවේ සිටින රනිල් හිහිතවාදී කණ්ඩායම් රනිල්ගෙ මැයි දිනයට එක් වීම වැළැක්වීම සඳහා හැකිතාක් ක්‍රියාමාර්ග හා මුදල් යොදවන්නැයි උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම රට පුරා මැයි දින ප්‍රචාරක කටයුතු එක්සත් ජාතික පක්ෂය අබිබවා යන ලෙස සිදු කරන්නැයිද මැයි රැලිවලට පාක්ෂිකයින් ඉහළම ප්‍රමාණයකින් සහභාගී කර ගන්නා ලෙසද නියෝග ලබා දී තිබෙනවා.

මෙම කටයුතු සඳහා විශාල මූල්‍යමය අනුග්‍රහයක් ප්‍රාදේශීය නායකයින් දක්වා ලබා දී ඇති බව සඳහන්.

රටේ විවිධ ප්‍රදේශවල පොහොට්ටුවේ සැරසිලි, පෝස්ටර් ඇලවීම් එක්සත් ජාතික පක්ෂය අබිබවා යන ලෙස ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් සියල්ල ලබා දී තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ග දෙක මගින් එක්සත් ජාතික පක්ෂය පරාජය කර රනිල් වික්‍රමසිංහ සමග කේවල් කිරීමට බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එක්ව සැලසුම් කර ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

Latest News

More like this

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...