රනිල්ගේ මාමාගෙ පත්තරෙන් කළ විවාද ආරාධනාවත් අනුර පිළිගනී.. සජිත්ගෙන් උත්තරයක් නෑ

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා සමඟ ඩේලි මිරර් සහ ලංකාදීප පුවත්පත් විසින් පවත්වනු ලබන දේශපාලන විවාදය සඳහා කරනු ලැබූ නිල ආරාධානය ජාතික ජන බලවේගය (NPP) ඊයේ(30) පිළිගෙන ඇති බව එම පුවත්පත් සමූහය පවසනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් ඔහුගේ සහභාගීත්වය තහවුරු කර නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඩේලි මිරර් ආරාධනය NPP ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් පිළිගෙන ඇති අතර ඔහු පැවසුවේ NPP නායක අනුර කුමාර දිසානායක විවාදයට සූදානම් බවත් ඊට සහභාගී වන බවත්ය.

ඊයේ සවස් වන විට සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා පත්‍රය ලැබී ඇති බව ප්‍රේමදාස මහතාගේ කාර්යාලය තහවුරු කර තිබෙනවා. එය විවාද කටයුතු මෙහෙයවන පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර වෙත යොමු කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනය ළඟදීම භාරදීමට නියමිතයි.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා වන රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට ඔවුන්ගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති සහ තමන් ජයග්‍රහණය කළහොත් රට ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඥාවන් පිළිබඳව සජීවී දේශපාලන සංවාදයක් සඳහා ඩේලි මිරර් සහ ලංකාදීප අප්‍රේල් 8 වැනි දින ආරාධනාවක් කළ අතර එළඹෙන ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

මෙම සම්මුඛ සාකච්ඡාව ඩේලි මිරර්, ලංකාදීප, සහ ටැමිල් මිරර් සහ සන්ඩේ ටයිම්ස් ඩිජිටල් වේදිකාවල සජීවීව විකාශය කෙරේ.

අපේක්ෂකයින් තිදෙනාම ආරාධනා පිළිගත් පසු විවාදය පැවැත්වීමට දිනයක් සහ වේලාවක් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව සඳහන්.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!