මාළිමාවේ ඇමති මණ්ඩලයේ එක විෂයකට නම් තුනක් – විදේශ ඇමතිවරයෙක් කෝ ඇහුව නලින් බණ්ඩාරට කට උත්තර නැති වෙයි

ජාතික ජන බලවේගය නායකයා මත පමණක් පදනම් වූ පක්ෂයක් බවත්, ඔවුන්ට නිසි කණ්ඩායමක් නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

පසුගිය දා ස්වීඩන සංචාරය අතරතුර හමුවක දී විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිබඳ කළ විමසීමකට ද පක්ෂ නායකයා වෙත පිළිතුරක් නොවූ බව සඳහන් කළා.

ඊට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස එක් එක් විෂය ක්ෂේත්‍රයට තිදෙනා බැගින් ඔවුන්ගේ කණ්ඩායමේ සිටින විෂය ප්‍රාමාණිකයන් හෙළි කරනු ලැබුවේ මෙසේය.

සෞඛ්‍යට විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ඉන්නවා. විශේෂ වෛද්‍ය ක්‍රිශාන්ත අබේසිංහ ඉන්නව. වෛද්‍යවරයෙක් හැටියට මං ඉන්නවා.

අධ්‍යාපනය සඳහා අනුර කරුණාතිලක ඉන්නවා. ආචාර්ය පන්නිල ඉන්නවා. ආචාර්ය හරිනි අමරසූරිය ඉන්නවා.

මුදල් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු කණ්ඩායම ඉන්නවා.

ආරක්ෂාව ඕන නම් ආරක්ෂාවට කියන්නම්. කෘෂි කර්මාන්ත ඕන නම් කෘෂි කර්මාන්තෙට කියන්නම්.

මේ හැම දේකටම අදාළව ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙච්ච දැනුත් ඒ විෂයන්වල ප්‍රායෝගිකව වැඩ කරන අය අපට ඉන්නව. මේගොල්ලො කියන විදියට අපිට නැත්තෙ මොකක්ද දන්නවද? මේ ගොඩක් අය පාර්ලිමේන්තු නියෝජනය කරලනෑ. එහෙම වුණොත් තෝරගන්න වෙන්නෙ මේ ඉන්න කට්ටිය විතරයිනෙ. අපේ ඉන්නෙ අලුත් කණ්ඩායමක්.”

ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) විකාශය වූ රූපවාහිනී වැඩසටහනක් අතරතුරයි.

Latest News

More like this

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...