කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වල යළිත් ඖෂධ හිඟයක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට යළිත් ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඔසුසල් සොයා යාමට සිදුවී ඇති බවට වාර්තා පළ වෙනවා.

ඒ අතර කොළඹ ජාතික රෝහලේ කැපී පෙනෙන ඖෂධ හිඟයක් මතුවී ඇති බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ට අමතර වියදම් දරමින් පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමට සිදුව තිබෙනවා.

ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ කළමනාකරණ පද්ධතිය වන ‘ස්වස්ථා’ට අනුව, විවිධ ප්‍රමාණයන් සහ වර්ගවල ස්ටෙන්ට් ඇතුළු ළමා හා වැඩිහිටි රෝගීන් සඳහා වන ස්ටෙන්ට් වැනි තීරණාත්මක උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් පවතිනවා. Amoxicillin වැනි ඖෂධ ද ඊට ඇතුළත්.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ජී. විජේසූරිය මහතා එම හිඟය පිළිගත් අතර එය පුනරාවර්තන ගැටලුවක් වුවද, හිඟයේ බලපෑම් අවම කර ගැනීමට විකල්ප ඖෂධ භාවිත කළ හැකි බව අවධාරණය කර තිබෙනවා.

මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව කියා සිටියේ මේ වනවිට ඇතැම් ඖෂධවල 20-30% අතර කැපී පෙනෙන හිඟයක් පවතින බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී ජාත්‍යන්තර සංවිධාන විසින් වෙන් කරන ලද මුදල් අවභාවිත කිරීම වත්මන් හිඟයට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!