සංචාරක අමාත්‍යාංශයේ සැප වාහන හතරක් ඩයනා තවමත් පදී

සංචාරක අමාත්‍යාංශය සතු හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ භාවිතා කරන වාහන හතරක් වහාම භාර දෙන ලෙස දැනුම් දී ඇතත් ඊයේ (16) වනතුරුත් එය භාරදී නොමැති බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මෙම වාහන හතර අමාත්‍යංශය වෙත භාර දෙන ලෙසට සංචාරක අමාත්‍යාංශය මගින් දැනුම් දී ඇත්තේ පසුගිය අටවෙනිදා බවයි ඔවුන් පවසන්නේ.

මෙතෙක් භාරනොදුන් වාහන අතර ඩිස්කවරි වර්ගයේ ජීප් රථයක්, ඩබල් කැබ් රථයක්, ප්‍රාඩෝ ජීප් රථයක් හා නිසාන් වර්ගයේ කාර් රථයක් ද ඇති බවයි පැවසෙන්නේ.

මේ අතරින් ඩබල් කැබ් රථය රිය අනතුරක් හේතුවෙන් කුරුණෑගල පොලිසියේ අත්අඩංගුවේ ඇතැයි අනාවරණය වී තිබෙනවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...