ගෝඨාභය සමයේ පොලිසියට භාර වූ විස්සක් ඝාතනය වීම ගැන ඇහුවම විජයදාස යුක්තිය මෙහෙයුම ගැන කියයි

යුක්තිය මෙහෙයුමෙන් කිසිදු පුද්ගලයෙක් ඝාතනය වී නොමැති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (මැයි 22) පවසා තිබෙනවා.

පොලිසියට භාර වූ 20 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයාගේ චෝදනාවකට පිළිතුරු දෙම්න් ඔහු මේ බව සඳහන් කළා.

චෝදනාව කළ වහා ම තමා සභා ගැබේ සිට ම පොලිස්පතිවරයාගෙන් මේ පිළිබඳව විමසූ අතර එවැනි සිද්ධියක් සිදුවී නොමැති බව පොලිස්පතිවරයා තමාට ප්‍රකාශ කළේ යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පසුගිය දා නාරම්මල ඇති වූ සිද්ධියකින් පොලිස් නිලධාරියෙකු අතින් ගිනි අවියක් පුපුරා එහිදී පුද්ගලයෙකු මියගිය අතර ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් සිදුකරමින් යන බව විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියා.

ඒ හැර යුක්තිය මෙහෙයුමෙන් කිසිදු පුද්ගලයෙක් ඝාතනයට ලක්වී හෝ අතුරුදන් වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළේ පොලිසියට භාරවූ විසි දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

කෙසේ නමුත් අධිකරණ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළ කිරිඇල්ල මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ තමා චෝදනා කළේ ගෝඨාභය රාජපක්ෂ සමයේදී පොලිසියට භාරවූ විසි දෙනෙකු ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් බවයි.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...