Heat Stroke එකකට ලක් වූ ෂාරුක් IPL අවසන් මහා තරඟයට එයි – අධික උෂ්ණත්වයට නිරාවරණය වන අයට පාඩමකුත් කියා දෙයි

සෙල්සියස් අංශක 45ක උණුසුමකදී කොල්කටා නයිට් රයිඩර්ස් තම කණ්ඩායමට ඔල්වරසන් දෙමින් සිටි සුපිරි නළු ෂාරුක් ඛාන් විජලනය සහ උෂ්ණාධික ආබාධයක් හේතුවෙන් අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අඟහරුවාදා කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟය නැරඹීමට අහමදාබාද් වෙත පැමිණි අවස්ථාවේ ඔහු මෙම සිදුවීමට මුහුණ දී සිටියා.

කෙසේවෙතත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමක පවතින බවයි.

කොල්කටා නයිට් රයිඩර්ස් හි සම හිමිකරුවකු වන ඔහුගේ සමීපතමයකු වන ජූහි චව්ලා ෂාරුක් වඩා හොඳින් සිටින බවත් ඔහු මෙම ඉරිදා ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරඟයට එක් වනු ඇතැයි පවසා තිබෙනවා.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍යවරු පවසන්නේ කෙතරම් යෝග්‍ය වුවත්, දිගු වේලාවක් තාපයට නිරාවරණය වීම ශරීරයට අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

නවදිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ අභ්‍යන්තර වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය එම් වාලි “ඔබ වයස අවුරුදු 50 ට වැඩි නම් සහ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගාබාධ ඇති නම් විජලනය සහ අධික උණුසුම ඔබට අහිතකර ලෙස බලපෑ හැකි බව සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!