පාප් වහන්සේ සමලිංගිකයන් ඇමතීමට යොදාගත් අපවාදාත්මක වචනය ගැන වතිකානුව සමාව අයදියි

පාප් වහන්සේ සමලිංගික පිරිමින් සම්බන්ධයෙන් භාවිත කරන දැඩි පිළිකුල්සහගත හා අපාවාදාත්මක වචනයක් භාවිතා කිරීම පිළිබඳව වතිකානුව සමාව ඉල්ලා තිබෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් වතිකානුව පවසා ඇත්‍තේ කතෝලික බිෂොප්වරුන්ගේ ඉතාලි රදගුරු සම්මේලනයේ දී රදගුරුවරුන් සමඟ පැවති සංවාදය අතරතුර කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන බවයි.

එම රැස්වීමේ දී පැවති ප්‍රශ්ණ විචාරාත්මක සැසියක දී සමලිංගික පිරිමින් විස්තර කිරීමට භාවිත කරන ඉතාලි වචනයක් වන ‘ෆ්‍රොසියාගින්’ නම් අපවාදාත්මක වචනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බොහෝ විවේචනයට ලක් වුණා.

පාප් වහන්සේ කිසිවිටෙක කිසිවකු අමනාප කිරීමට හෝ සමලිංගික යන්න පහත් කිරීමට අදහස් නොකළ අතර, අන් අය විසින් වාර්තා කරන ලද යෙදුමක් භාවිත කිරීම නිසා සිත් රිදුණු අයගෙන් ඔහු සමාව අයැද සිටින බව එහි සඳහන් වෙනවා.

උන්වහන්සේ එහි දී සමලිංගික පිරිමින්ට පූජකයන් වීමට ඉඩ නොදිය යුතු බව යළිත් අවධාරණය කළ බව පැවසෙනවා.

ශුද්ධෝත්තම පාප් වහන්සේ ආරක්ෂා කිරීමට උත්සාහ කරන ඇතැමුන් පවසා ඇත්තේ ඔහුගේ පළමු භාෂාව ස්පාඤ්ඤ මිස ඉතාලි නොවන බැවින් යම් වරදක් සිදු වී ඇති බවයි.

කෙසේ වෙතත් LGBT+ ප්‍රජාව කෙරෙහි වඩාත් පිළිගත හැකි ප්‍රවේශයක් ගැනීමට රෝමානු කතෝලික සභාව මෙහෙයවීම සම්බන්ධයෙන් පාප් වහන්සේ මීට පෙර ගෞරවයටද පාත්‍ර වූ අයෙක්.

2013 දී ඔහුගේ පාප් පදවිය ආරම්භයේදී “යමෙක් සමලිංගිකයෙකු නම් සහ දෙවියන් වහන්සේව සොයන්නේ නම් විනිශ්චය කිරීමට මා කවුද?”යනුවෙන් විමසා තිබුණා.

පසුගිය වසරේ, සැලකිය යුතු ගතානුගතික පසුබෑමක් ඇති කරමින් සමලිංගික ජෝඩුවලට ආශීර්වාද කිරීමට ඔහු පූජකයන්ට ඉඩ ලබා දීමට ද කටයුතු කර තිබුණා.

නමුත් 2018 දී ඔහු ඉතාලි බිෂොප්වරුන්ට පැවසුවේ පූජකත්ව අයදුම්කරුවන් හොඳින් පරීක්ෂා කර සමලිංගික යැයි සැක කරන ඕනෑම අයෙකු ප්‍රතික්ෂේප කරන ලෙසයි.

2005 ලියවිල්ලක, XVI වන බෙනඩික්ට් පාප් පදවියේ සිටියදී, වතිකානුව කියා සිටියේ අවම වශයෙන් වසර තුනක් සමලිංගික ප්‍රවණතාවලින් ඈත්ව සිටි අයට පූජකත්වය සඳහා පල්ලියට ඇතුළත් කළ හැකි බවයි.

එහෙත් “ගැඹුරු” සමලිංගික ප්‍රවණතා ඇති අය සහ “ඊනියා සමලිංගික සංස්කෘතියට සහාය දෙන” අය තහනම් කළ යුතු බව එම ලේඛනයේ සඳහන් වුණා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...
error: Content is protected !!