සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිංහබාහු සිනමාපටය සිනමා ශාලාවක් තුළ හිඳිමින් අනවසරයෙන් සම්පූර්ණයෙන්ම පටිගත කොට facebook හා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීම හා මෙම තත්ත්වය මතු සිනමා කර්මාන්තයට කළ හැකි බලපෑම පිළිබඳ කතිකාවක් ඊයේ (15) ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්වුණා.
ඒ සිනමා කර්මාන්තයේ නියැළෙන අධ්යක්ෂවරුන් නිෂ්පාදකවරුන් හා රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙනි.
මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති පුද්ගලයා විසින් සිය ජංගම දුරකථනයෙන් සිනමා ශාලාවක් තුළ දී පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද සිංහබාහු චිත්‍රපටය මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබූ බව මෙහි දී සඳහන් වුණා.
එහි දී දැක්වූ අදහස් කිහිපයක් මෙසේය.
සොමරත්න දිසානායක – චිත්‍රපට අධ්‍යක්ෂක
සිංහ බාහු චිත්‍රපටියේ අනවසර පිටපතක් සමාජ මාධයයේ සංචරනය වෙනවා කියලා ආරංචි වුණා. පසුව පොලිස් පරිගණක කොට්ටාසයේ පැමිනිල්ලක් දැම්ම. පසුව අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව මෙම සිද්දිය නුවර සිනමාශාලාවකදි පටිගත කල එකක් කියලා අනාවරනය වුණා. පසුව එම පුද්ගලයාව ආපරාධ පරික්ශන දෙපාර්තමේන්තුව අත් අඩන්ගුවට ගත්තා. මෙම පුද්ගලයා වරද බාරගත්තා.
ගාමීනි රැප සිංහ – චිත්‍රපට සංස්තාව
සිංහ බාහු චිත්‍රපටිය නිසා සිනමාශාල පිරි ඉතිරියමින් තිබුනේ ඒ තත්වය තුල තමයි මෙම සිද්දිය වාර්තා වුනේ චිත්‍රපට සංස්තාවේ පනත යටතේ මේ සදහා ක්‍රියාත්මක වෙන්න නිති නෑ. සබාපති තුමා සමග සාකච්චා කරලා මේ සදහා නිති සකස් කලයුතුයි.
ගයන්ත චන්ද්‍රසිරි – නිශ්පාදක
මේ ප්රශ්නය කතා කරාට විසදුමක් කියවෙන්නෙම නෑ. එකට මේ සියලුදෙනාම එකතුවෙලා තින්දු තිරන ගන්න ඔනා අධ්‍යක්ෂකවරු නිශ්පාදක වරු චිත්‍රපට ශාලාහිමියන් ප්රේක්ශකයොන් මේ කට්ටිය. වේදිකා නාට්‍යවලට කැමරා ජංගම දුරකතන ගෙනියන්න බෑ. ඒවගේම චිත්‍රපට ශාලාවකටත් ගෙනියන්න දෙන්න් හොදනෑ. ඒකට චිත්‍රපට සංස්තාවෙන් නිතියක් එන්න ඔනා මේ ඉතා ඉක්මනින් තීරණ ගන්න ඕන. අපි මේ සාක්ච්චා හැමදාම කරලා කොපි එකක් බිලා යනවා එතනින් එහාට වෙන්නෙනෑ. මේ ප්‍රශ්නයත් එක්ක මේ ක්‍රියාමර්ග ගන්න ඉක්මන් විය යුතුයි. සිනමා ශාලා වගකිම ගන්න ඔනා ඔහුන්ගේ සිනමා ශලාවේ මොකද වෙන්නෙ කියලා බලන්න පුලුවන්.
රේනුකා බාලසූරිය – චිත්‍රපට නිශ්පාදිකා
2000 අවුරුද්දේ අපි මේවගේ අත් දැකිමට මුහුන දුන්නා සරොජා චිත්‍රපටය ඔහුන්ව අපි අල්ල ගත්තා පසුව නඩුව යන වෙලාවේ උසවියට පෙන්නන්න තිබුනේ වෙන එකක් එහෙමයි එක අවසන් උනේ.වෙනදා අපි තනිවුනා අද අපි තනිවුනා හැමොම අපිත් එක්ක ඉන්නවා.
මේ පිලිබදව මින් ඉදිරියට අපි එකතුවෙලා මේ කර්මාන්තය රැකගන්න ඕන.
මුදා හැරලා පොඩි වෙලාවක ලක්ශ 10ක් බලලා මේ කර්මාන්තයක් විනාස කරන්නෙ
නිශ්පාදකවරු මේ නිසා මේ කර්මාන්තයෙන් ඉවත්වුනොත් මොකද කරන්නෙ. එකක් කියන්න ඔනා දැන් මේ විදිහට අනවසර පිටපත් සමාජ මාධ්‍යට මුදා හැරියොත් ඒ කවුද කොහෙන්ද කියලා හොයාගන්න තාක්ෂණය අපි ගාව තියනවා.
Photo Courtesy of Indika Mallawarachchi