රිතික්-සබා විවාහය ගැන පැතිර යන කටකතා මැද රිතික් කරපු වැඩේ

රිතික් රෝෂන්(Hrithik Roshan) මෑතකදී ඔහුගේ මෑතකාලීන පෙම්වතිය වන සබා අසාද් (Saba Azad) වෙත Instergram හි උපන්දින සුබ පැතුමක් එක් කළා. ඒ යුරෝපයේ නිවාඩුවක් ගත කරන අතරතුර ඔවුන් දෙදෙනා අත් අල්ලාගෙන සිටින සේයාරුවක් ද ඊට එක් කරමින්. ඇය අසළ නිවසක දැනෙන සෙවණ දැනෙන බවත් සෑම දවසක මැජික් සිදුවන බව ඇයගෙන් ඉගෙන ගත් බවත් එහි ලියා තැබුවා.

පසුගිය ජනවාරි 10 වැනි දින රිතික් 49 වන වියට පා තබන විට සබා ද එවැනිම සුබ පැතුමක් Instagram හි බෙදාගෙන තිබුණා. ඇයගේ හෘදයාංගම පණිවිඩයේ ලියැවුණේ රිතික්ගේ අඛණ්ඩ වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ කරුණාවන්ත ස්වභාවය ගැනයි.

රිතික් රෝෂන් සහ සබාගේ සම්බන්ධය විවිධ කටකතාවලට විෂය වී ඇති අතර, ඔවුන් විවාහ වීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වුණා. නමුත් රිතික් එම කටකතා ප්‍රතික්ෂේප කළා. පසුගිය වසරේ මුල ඔවුන් පෙම් සබඳතාවක් ආරම්භ කළ බව මාධ්‍ය වාර්තාවල පළ වුණා.එම පුවත්වලින් කියැවුණේ සබා ඔහුගේ පවුලේ විශේෂ අවස්ථා සහ නිවාඩුවලට සම්බන්ධ වී සිටින බවයි.

රිතික් මීට පෙර මෝස්තර ශිල්පිනි සුසෑන් ඛාන් සමඟ විවාහ වී සිටි අතර ඔවුන් 2014 දී නිතියෙන් විවාහ වුණා. නමුත් තවමත් පුතුන් දෙදෙනාගේ භාරකාරීත්වය දෙදෙනා විසින්ම දරණ බව පැවසෙනවා.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...