සිංහබාහු තිරගත වෙන දවසට අප්පච්චි රෝද පුටුවක හරි ගෙනියන්න මං හීන දැක්කා

සිංහබාහු චිත්‍රපටය බොහෝ බාධක කම්කටලු අහිමි වීම් රැසක් මැද මේ දිනවල සාර්ථකව තිරගත විම පටන් අරගෙන තිබෙනවා. චිත්‍රපටයක් සිනමා ප්‍රේක්ෂකාගාරක් දක්වා එන දීර්ඝ ගමන අවසානයේ තිරගත වීම අතිශය සතුටට හේතුවක් වුණත් සිංහබාහු අස්සෙ කියාගන්න බැරි දුකක් හැංගිලා. ඒ ජැක්සන් ඇන්තනි කියන අසාහය රංගවේදියට මුහුණ දෙන්න වුණු අවාසනාවන්ත සිදුවීම නිසා. ජැක්සන්ගේ අහිමි වීම එක්ක සිංහයා ගේ අභියෝගය භාර ගත්තේ ඔහුගෙ පුතා. අකිල ධනුද්ධර සතුට දුක හැමදේම අතරේ සිංහබාහු ගැන මෙහෙම කියලා තියෙනවා.

ඔහුට සිංහයාගේ චරිතය භාර ගන්න කියලා සෝමරත්න දිසානායක ආරධනා කරනකොට ඔහු හිටියේ චිත්‍රපටයක් කරන්න පුළුවන් මානසිකත්වයත් එක්ක නෙවෙයි.

අප්පච්චිට වෙච්ච අනතුර එක්ක දැවැන්ත අහිමි වීම තුළ දැඩි ලෙස මානසිකව කඩා වැටීමක.

නමුත් අප්පච්චි කියලා දීලා තිබුණේ අර්බුද එක්ක කඩාවැටෙන්න නෙවෙයි.

සිංහබාහු ඔහුගේ ජීවිතයම වෙනස් කරන චිත්‍රපටය බවට පත් කරගන්න ඔහු කටයුතු කළේ ඒ හයිය එක්ක.

“සිංහබාහු තිරගත වෙන දවසට අප්පච්චි රෝද පුටුවක හරි ගෙනියන්න මංහීන දැක්කා. ඔහුව නැතුව අම්මා එක්ක මං ඒ අවස්ථාවට මූණ දුන්නා. මුලින්ම අම්මා එක්ක එකට ඉඳගෙන සිංහබාහු බලපු පළමුවැනි දවසෙ චිත්‍රපට ශාලාවෙන් එළියට ඇවිත් වචනයක්වත් නොකියා අම්ම මගේ බෙල්ලෙ එල්ලිලා ඇඬුවා. මම අම්මගේ විවිධ ඇඬුම් වර්ග හිනා වර්ග හොඳින් දන්නවා.

ඒත් එදා අම්මගේ ඇඬුමේ මොකක්දෝ මන්දා අමුත්තක් තිබුණා. ඒ ඇඬුමේ ගොඩක් දේවල් ගැබ්වෙලා තිබුණා. මම මට පැවරුණ වැඩේ හරියටම කරල තියෙනවා කියලා මට දැනුණා. ඉතින් ඒ කාල සීමාව තුළ මගේ හුස්මකට පවා ශක්තියක් වුණ හැම කෙනාටම ආදරෙයි”

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!