සුදා ස්වර්ණවාහිනියට ගිහින් යකා නටයි – ෆේස්ටු ෆේස් හැප්පෙන්න වෙලාවකුත් ඉල්ලයි

ස්වර්ණවාහිනියේ ඊයේ (12) හත් දින්නත් තරු වැඩසටහනට තමා සහභාගී නොවුණේ ස්වර්ණවාහිනිය තමාගෙන් කළ ඉල්ලීමක් අනුව බවත් ඉරාජ් වීරරත්නට ඇති බියක් නිසා නොවන බව සුදත්ත තිලකසිරි මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ එම වැඩසටහන විකාශය වන අතර තුළ ස්වර්ණවාහිනි නාළිකාවේ ප්‍රධාන කාර්යාලයට ගොසිනි.

ඉරාජ් ලයිව් එකකින් පැමිණ තමාට මෙම ස්ථානයට එන්න යැයි අභියෝග කළ බව ද ඔහු සඳහන් කළා.

තමා ඒ සඳහා පැමිණි බව පැවසූ සුදත්ත, හැකිනම් මුහුණට මුහුණ සටනකට එන ලෙසත් ඒ සඳහා ප්‍රසිද්ධ වෙලාවක් හා තැනක් ලබා දෙන ලෙසට අභියෝගයක් ද කළා.

“බුද්ධිකත් මට වැඳලා වැඳලා කිව්ව අනේ අයියේ එන්න එපා කියලා. ඒ මෝඩයා ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දි කිව්ව සුදත්ත අයියා මාධ්‍ය සදාචාරය බලලා එන්නෙ නෑ කිව්ව කියලා. ආයෙ නිවැරදි කිරීමක් කරා. නැ අපි තමයි එන්න එපා කිව්වෙ කියලා. ඉරාජ් ගහනව පුළුවන් නම් වරෙන් කියලා. ඒකට තමයි මං ආවෙ” යැයි පැවසුවා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!