ඉතාලියේ රැකියා සඳහා ශ‍්‍රි ලාංකිකයින්ට අයදුම් කරන්න අවස්ථාවක්..

ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයින් බඳවා ගැනීමට 2023 මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඉතාලියේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කාලීන රැකියා (Seasonal Workers), කාලීන නොවන රැකියා (Non-Seasonal Workers) හා ස්වයං රැකියා (Self Employed) යන කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

මෙම වැඩසටහන යටතේ රැකියා අවස්ථා 82,702ක්, ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමි වී තිබෙනවා.

ඉන් රැකියා අවස්ථා 38,705ක් හිමිවන්නේ ස්වයං රැකියා හා කාලීන නොවන රැකියා අවස්ථා (Non- seasonal) සඳහා වන අතර ඉතිරි රැකියා අවස්ථාවන් 44,000 කාලීන රැකියා (seasonal) යටතේ හිමි වෙනු ඇති.

ඒ අනුව 2023 මාර්තු මස 27 දින පෙරවරු 9.00 සිට https://www.anpal.gov.it/assumere-lavoratori-non-comunitari-anno-2023 යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකියි.

මේ පිළිබඳ වැඩි විස්තර, ඉතාලි රජයේ පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකියි.

http://www.gazzettaufficiale.it/eli/id/2023/01/26/23A00232/sg

මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකවම අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි අතර, මේ වැඩසටහනට අනුව ඉතාලියේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත්, තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත මෙම රැකියා අවස්ථාව උදාකර ගන්නා ලෙසත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සඳහා උනන්දු අයවලුන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...

44%ක ඇමරිකානු තීරු බද්දෙන් රැකියා 50,000ක් අහිමි වෙන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු යටතේ පසුගිය...
error: Content is protected !!