රජය විසින් පෞද්ගලික අංශ අංශයට ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් ලබා ගැනීම සඳහා මෙරට මෙහෙයුම් සිදු කරන ‘එයාටෙල්’ ජංගම දුරකතන සමාගයේ හිමිකාරිත්වය දරණ ඉන්දීය රිලයන්ස් සමාගම උනන්දුවක් දක්වයි.
එම සමාගම අයත් වන්නේ ඉන්දියාවේ ප‍්‍රකට ව්‍යාපාරික ‘මිත්තන්’ සමූහයටයි.
රිලයන්ස් සමාගමට ටෙලිකොම් හිමිකාරිත්වය ලබා ගැනීමට හැකි වුවොත් ශ්‍රී ලංකාව තුළ බලවත්ම සන්නිවේදන ජාලය බවට එයාටෙල්-ටෙලිකොම් ඒකාබද්දතාවය පත්වීමේ ඉඩක් ඇත.
එමෙන්ම සුබාෂ්කරන් අලිරාජා, මුකේෂ් අම්බානි, අදානි සමූහය සහ මෙරට අංක එකේ සල්ලිකාරයා වන ඉෂාර නානායක්කාර නියෝජනය කරන LOLC යන ව්‍යාපාරද මේ සඳහා උනන්දු වෙමින් සිටී.