පරිනීති චොප්රා, ආලියා භාත්ගේ මංගල ඇඳුම Copy+Paste කරයි

බොලිවුඩයේ කැපී පෙනෙන නිළියක් වන පරිනීති චොප්රා සහ රාගව් චාඩා විවාහය මෑතකදී සිදු වූ බොහෝ බොලිවුඩ් විවාහ මංගල්‍යයන් මෙන්ම පුළුල් ආකර්ෂණයක් දිනාගත් එකක් වුණා.

එයට ඉන්දීය මාධ්‍යවල පුළුල් ප්‍රචාරයක් ලබා දුන් අතර ඇගේ විවාහය මේ වන විට සමාජ මාධ්‍යවල වෙනස්ම කතාබහක් අවුළුවා ඇති බව සඳහන්.

සාමාන්‍යයෙන් ඉන්දීය නළු නිළියන්ගේ සෑම අවස්ථාවක් පිළිබඳවම අවධානයෙන් සිටින රසිකයින් අතර පරිනීතා මෙවර හසුව සිටින්නේ නළු නිළියන්ගේ විලාසිතා පිළිබඳ නිරන්‍තර සෝදිසියෙන් පසුවන අන්තර්ජාල විලාසිතා පොලිසීයට බවයි පැවසෙන්නේ.

අන්තර්ජාල පොලිසියේ සූක්ෂම ඇස්වලට හසු වී තිබෙන්නේ ඇගේ සහෝදර රංගන ශිල්පිනියක් වන ආලියා භාත්ගේ විවාහයේ ඇඳුම් සහ පරිනීතාගේ විවාහයේ ඇඳුම් අතර ඇති සමානකම්‍ බව සඳහන්.

විවාහ මංගල්‍යයේ ඡායාරූප මතුවීමත් සමඟම ට්විටර් අදහස් දැක්වීම් සහ සැසඳීම් වලින් පුපුරා ගිය බව වාර්තා වෙනවා.

අන්තර්ජාල පරිශීලකයින් පරිනීති සහ ආලියාගේ මංගල ඇඳුම්වල විවිධ ඡායාරූප පළ කරමින් ඒවා අතර බොහෝ සමානකම් ඇති බව සොයාගෙන තිබෙනවා. ඔවුන් පරිනීති ආලියාගේ විලාසිතාව කොෆි කළ බවට චෝදනා කරනවා. ඔවුන් දෙදෙනාගේ මල්මාල පවා බොහෝ ලෙස සමාන බවයි එම ඡායාරූපවලින් පෙනී යන්නේ.

බොලිවුඩ් විවාහ ලෝකයේ, සෑම කොටසක් වැදගත් වන අතර, එයට ස්වර්ණාභරණ තේරීම ද ඇතුළත්.

පරිනීති ආලියාගේ ඇඳුම කොපි කළා පමණක් නොව, මෑතකදී සම නළුවෙකු වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟ විවාහ වූ කියාරා අද්වානිගේ මංගල ආභරණ ද තෝරාගෙන ඇති බව සමහරු පවසා තිබෙනවා.

පෙර පුවත්..

පරිනීති චොප්රාගේ දෑවැද්ද රු. 11 යි

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!