අලුවිහාරේගේ ලක්ෂ දෙකේ ෆෝන් එකත් රිළවෙක් උස්සලා

රුපියල් දෙලක්ෂයකට අධික වටිනාකමින් යුත් තම ජංගම දුරකථනය රිළවකු විසින් සොරකම් කරනු ලැබ ඇතැයි මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පවසයි.

සිය වාහනය තුළ ජංගම දුරකථනය තබා පිටතට ගොස් නැවත වාහනයට පැමිණෙන විට අවට ගස්වල සිටි රිළා රංචුවක සිටි රිළවකු වාහනය තුළට රිංගා දුරකථනය රැගෙන ගොස් තිබුණු බව හෙතෙම සඳහන් කළේය. වාහනය තුළ තිබෙන භාණ්ඩ, ඇඳුම්, දුරකථන ආදිය මෙසේ රිළවුන් විසින් පැහැරගෙන ගොස් ඇති අවස්ථා වාර්තා වී ඇති බවත් මාතලේ ප්‍රදේශයේ නිවෙස් තුළ තබා ඇති විවිධ භාණ්ඩ මේ අන්දමට රිළවුන් විසින් පැහැරගෙන යෑම සුලබව සිදුවන බවද ඔහු පැවැසීය.

වගාවලට හානි පමුණුවන රිළවුන් පොල් වගාවටද දැඩි ලෙස අලාභහානි පමුණුවන බව සඳහන් කළ ඩල්ජිත් අලුවිහාරේ හිටපු නගරාධිපතිවරයා රිළවුන්, වඳුරන් හා දඬු ලේනුන් වගාවලට සිදුකරන හානිය නිසා ගොවීන්ට සිදුවන අලාභය සුළුපටු නොවන බවද පෙන්වා දුන්නේය.

චීනය ඇතුළු විදේශ රටවලින් රිළවුන් සඳහා ඉල්ලුමක් ඇත්නම් එම ඉල්ලීම්වලට අනුව හැකි තරම් රිළවුන් යැවීමෙන් රටේ කෘෂි ආර්ථිකයට සිදුවන පාඩුව මඟහරවා ගත හැකි බවද ඔහු පැවැසීය.

– mawbima

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!