මැයි දිනයට පෙර බොහෝ විට තමන්ට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය ලැබෙනු ඇති බවත් පාක්ෂිකයින් මැයි දින රැළියට සහභාගී වීමේදී අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ සංචාරක හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.
ඔහු මෙහි දී පැවසුවේ මැයි දිනය සඳහා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත්තේ ලංගම බස් ලබාගන්නා ලෙස බවත් ඒ සඳහා සිරිකොතෙන් මුදල් ගෙවන බවත් ය.
කෑම සහ බීම ලබාදීමට සංවිධානය කර ඇති බවත් පැමිණෙන විට නොබී ආපසු යන විට බොන ලෙස ද ඔහු මෙහි දී ප්‍රකාශයක් කර තිබෙනවා.
මැයිදිනයේ සංවිධායක ධුරයද තමන්ට ලැබෙනු ඇති අතර ඔහු මෙවර මැයි දිනය සියලුම පක්ෂ ඉහලින්ම සමරනු ඇති බව ද මෙහි දී සඳහන් කළා.
ඔහු මෙය අදහස් පළ කළේ එළැඹෙන මැයි දින රැළිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කිරීමේ ජන හමුවක් අමතමිනි.