කම්කරු දිනය දාත් නිවනක් නොදී රජය කම්කරුවන් 1000 කට දිවා රෑ වැඩ කරන්න කියයි

කම්කරු දිනය යෙදී ඇති අද (මැයි 1) කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට 1000ක කම්කරු කණ්ඩායමක් යොදවන බව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශහිනා එම්. මයිශාන් පවසා තිබෙනවා.

දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සංවිධානය කරන මැයි රැලි හා පෙළපාළි මඟින් කොළඹ නගරයට අද දිනයේ එකතු වන අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම මෙම කණ්ඩායමේ මූලික අරමුණ යැයි ඇය පවසනවා.

වෙනත් දිනවලදී කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට යොදන 700ක් පමණ වූ සේවක කණ්ඩායමට අතිරික්තව තවත් 300ක පිරිසක් මෙසේ සේවයට යොදා ඇති බවයි පැවසෙන්නේ.

1000කට අධික මෙම කම්කරු බළඇණිය අද පැය 24 පුරා දිවා රෑ නොබලා සේවයෙහි නිරතවනු ඇතැයි ඇය සඳහන් කළා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!