ගඳගහන ඌරුලෑවෙක්‍ට කියලා මගෙ කකුල් මසාජ් කරගනීද මං..

තමාට සිරගත වීමට සිදු වූ සිදුවූයේ බංකොලොත් පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ කුමන්ත්‍රණයක් අනුව බව ජනප්‍රිය නිළි දමිතා අබේරත්න චෝදනා කර තිබෙනවා.

ඩෑන් ප්‍රියසාද්, ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසක් ඒ පිටුපස සිටින බව ඇය පවසන්නේ යූ ටියුබ් නාළිකාවක් සමඟ සංවාදයකට එක්වෙමිනි.

කොරියාවට යවන බව පවසා තමාගෙන් රු ලක්ෂ 30 ක මුදලක් වංචා කළ බව කියන පී. කේ. ප්‍රසන්න නැමැත්තා මෙය සිදු කරන්නේ ජනප්‍රියත්වය ලබා ගැනීමට බවයි ඇය කියන්නේ.

එමෙන්ම මෙම පුද්ගලයා අරගලයෙන් පසු කිසිවකුගේ මෙහෙයුම අනුව තම නිවසට එවන ලද පුද්ගලයකු බවට සැකයක් පවතින බව ද ඇය මෙහි දී සඳහන් කළා.

“රට යවන්න කිසිම කෙනෙක්ගෙන් සල්ලි අරගෙන නෑ. පී.කේ. ප්‍රසන්න ඩ්‍රයිවර් කෙනෙක් විදියට මගේ ළඟට ආවෙ. මං කොහේ ගියත් කවුරු හරි ඇවිත් මයික් එක අල්ලනවා. ඒ ආව දවසෙ ඉඳන් කියනව මටත් ආසයි ජනප්‍රිය වෙන්න ඔය ව ගේ කියලා.

මං හිතන්නේ ඒකට තමයි පාර කපා ගත්තෙ. මං හිතන්නෙ අරගලෙන් පස්සෙ ප්ලාන්ට් කරපු එකෙක්.”

එමෙන්ම ඔහු ඇගේ සැමියාට ඩුබායි හිරගෙදරක දී මුණ ගැහුණ බව දමිතා මෙම සාකච්ඡාවේදි පිළිගෙන තිබෙනවා.

ඔහු ලවා කකුල් මසාජ් කරගත්තාදැයි ඇසූ විට ඇය මෙසේ පිළිතුරු දී තිබුණා.

“පිස්සුද අයියේ ඔය වගේ ගඳගහන ඌරු ලෑවෙක්ට කියල මගේ කකුල් මසාජ් කරගන්නව ද මං”

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!