කුමන්ත්‍රණකරුවන්ට ශ්‍රිලනිපයේ ගමන අවසන් කරන්න ඉඩ තියන්නෙ නෑ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට අමාත්‍ය ධූර දරන කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන කඩාකප්පල් කිරීමටත් පක්ෂ සන්ධානය ආණ්ඩුවට එක් කිරීමට කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට පියවර ගත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ නිසා එම උත්සහයේ නිරත වූ තිදෙනා පක්ෂයෙන් නෙරපා හරින ලද තීරණය ඉතාම නීත්‍යානුකූලව සිදු වූ බව ද ඔහු සඳහන් කරයි.

“කොච්චර බාධක ආවත් වධ බන්ධන ආවත් අපි කිසි දවසක පස්සට යන්නෙ නෑ ඉස්සරහට යනව මිසක්. අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් අපේ ගමනට බාධා කරනවා. ඔවුන්ට ඕනෑ වුණා සන්ධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න.

මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව වුණේ. ගමේ වචනෙන් කියනවා නම් අපිව කඩේ යැව්වා. ඒ නිසා අපි පසුගිය දිනවල ආණ්ඩුවේ තනතුරු දරන තුන්දෙනකු පක්ෂයේ තනතුරු වලින් ඉවත් කළා. ඒක ඉතාම නීත්‍යානුකූලව කළ වැඩක්.”

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ සෙනසුරාදා (06දා) සවස කඩුවෙල ක්වීන්ස්බරි හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!