රටේ පහත වැටෙන උපත් අනුපාතිකය “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස සලකා එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශයක් පිහිටුවන බව දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යොල් නිවේදනය කර තිබෙනවා.
දකුණු කොරියාවේ ජනගහණ අනුපාතිකයට මෙමඟින් දැඩි ලෙස පහර වැදී ඇති අතර 2023 දී එය විශාල ලෙස පහත වැටී ඇතැයි පැවසෙනවා.
ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සහ දරුවන් ඇති දැඩි කිරීමේ මූල්‍ය පිරිවැය ගැන සැලකිලිමත් වන කාන්තාවන් දරු ප්‍රසූතිය ප්‍රමාද කිරීම හෝ දරුවන් නොලැබ සිටීමට තීරණය කිරීම මෙම තත්ත්වයට හේතුවයි.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ “අඩු උපත් අනුපාත ප්‍රති-සැලසුම් කිරීමේ අමාත්‍යාංශය” පිහිටුවීම සඳහා දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ සහයෝගය ඉල්ලා සිටින බවයි.
රටේ ජන විකාශන අර්බුදයට සාධක ගණනාවක් මත දෝෂාරෝපණය ඇති කර තිබෙනවා.
නමුත් බොහෝ දුරට කොරියානු නව විවාහක තරුණ තරුණියන් කෙරෙහි ජීවන වියදම ඉහළ යාම සහ ජීවන තත්ත්වය පිරිහීම පිළිබඳ ඇතිව ඇති දැඩි කලකිරීම ද මෙම තත්ත්වයට ඉමහත් බලපෑමක් කර ඇති බව සඳහන්.