ශ්‍රී ලංකාව සහ ගාසා තීරය යන දෙඅංශයේම මානව හිමිකම් ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කණස්සල්ල පළ කර තිබේ.
ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (3) වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
පලස්තීන රාජ්‍යත්වයේ මූලධර්මයට ශ්‍රී ලංකාව සහය පළ කරන අතරම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බවත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
එල්ල කිරීමට ඇති අයිතිය පිළිගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, ජීවිත 10,000කට අධික සංඛ්‍යාවක් ඛේදජනක ලෙස අහිමි වූ ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව ඔහු සිය කණගාටුව පළ කළේය.
ඇමරිකාව ඇතුළු බටහිර ජාතීන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ඇත්තේ එහි මානව හිමිකම් වාර්තාව නිසා බව ඔහු පෙන්වා දුන්නේය.
කලාප දෙකම එක හා සමාන ගැටලුවලට මුහුණ දී තිබියදීත්, ශ්‍රී ලංකාව සහ ගාසා තීරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රවේශයේ විෂමතාව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණ කරනු ලැබීය.