චීනයේ වැඩපිළිවෙළට විසඳුම් සෙවීමට මැදිහත් වන බව ජනපති රනිල් චීන මාධ්‍ය වෙත පවසයි

චීනයේ තීරය සහ මාර්ග මුලපිරීම (Belt and Road Initiative) යටතේ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර, BRI වේදිකාවේ ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුව්‍ර්‍ර් Chaina Media Group (CMG) සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු මෙහි දී සඳහන් කළේ තුන්වන තීරය සහ මාර්ග මුලපිරීම සඳහා ශීඝ්‍රයෙන් ළංවීමත් සමඟ අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම් ලබන රටවල ණය බර සහ දේශගුණික විපර්යාස ගැටලු ඇතුළුව අද පවතින දුෂ්කරතා මඟහරවා ගැනීම පිළිබඳ අර්ථවත් හුවමාරුවක් අපේක්ෂා කරන බවයි.

බොහෝ රටවල් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර, සාමූහික විසඳුම් ප්‍රධාන වනු ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

නිදහස් වෙළඳාම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනයට සහ ප්‍රාග්ධන ගලායාමට පහසුවක් බවත් ශ්‍රී ලංකාවට ද එමඟින් ප්‍රතිලාභ අත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසුවා.

ශ්‍රී ලංකාව සිය අලුතින් ඉදිකරන ලද කොළඹ වරාය නගරය මූල්‍ය හා වෙළඳාම සඳහා දියුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා චීන ආයෝජන ප්‍රයෝජනයට ගනිමින් සිටී.

දැඩි ගෝලීය තරඟකාරී යුගයක දකුණු ආසියාතික රටේ සංවර්ධනය සඳහා නගරය උපායමාර්ගිකව වැදගත්කමක් දරණ බව ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා.

“ලොව පුරා ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන වරායෙන් පිටතට වර්ධනය වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය චීනය සමඟ අපගේ නව ආර්ථික සහයෝගීතාවයේ කොටසක්. ලෝක ආර්ථිකයේ විශාල තරඟකාරිත්වයක් පවතින අතර අපි ලොව පුරා රටවල් සමඟ වෙළඳ සබඳතා වර්ධනය කර ගත යුතුයි,” ජනාධිපතිවරයා පවසා සිටියා.

“ඇත්ත වශයෙන්ම, අපට RCEP (කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය) සමඟ සම්බන්ධ විය හැකි නම්, අපට ලෝකයේ විශාලතම වෙළඳපොළට ප්‍රවේශය ලැබෙනු ඇත. අපි වරක් දකුණු ආසියානු නිදහස් වෙළඳ ප්‍රදේශය පිහිටුවීමට බලාපොරොත්තු වූ නමුත් එය ක්‍රියාවට නැංවීමට නොහැකි වුණා”

“ශ්‍රී ලංකාව චීනය පමණක් නොව සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මියන්මාරය, ලාඕසය සහ කාම්බෝජය සමඟ ගැඹුරු සංස්කෘතික සබඳතාවයක් පවත්වනවා” යැයි පැවසූ ජනාධිපතිතුමා, “චීනය, ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අපි කටයුතු කරනවා. අපේ ආර්ථික තරඟකාරිත්වය ශක්තිමත් කළ යුතුයි.”

“අපි මෙම අරමුණ සඳහා වැඩ කිරීමට කැමැත්තෙමු, මන්ද RCEP හා සම්බන්ධ වීමෙන් අදහස් වන්නේ චීනය කළාක් මෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟ කිරීමයි.” යනුවෙන් පවසා තිබෙනවා.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!