යුධකාලීන ජනාධිපති මහින්ද යුද්ධය පිළිබඳ මතය වෙනස් කරයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර පලස්තීන ජනතාව සමග සහයෝගීතාවයෙන් නැගී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා.

පලස්තීන තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවලදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ලෝකයේ කොතැනකවත් ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවත් යුද්ධය විසඳුම නොවන බවත්ය.

සාමකාමී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකාවේම අත්දැකීම් ඔස්සේ යමින්, දෙරටේම සිවිල් වැසියන්ගේ සමෘද්ධිය පිළිබඳ පොරොන්දුව දරණ සාමයේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා.

“පලස්තීනය සමග සහයෝගීතාවය සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ ආරම්භක සභාපතිවරයා ලෙස මම පලස්තීන අරමුණට නිරතුරුව සහයෝගය දැක්වුවා,”

යුද්ධය කිසිවිටෙකත් විසඳුමක් නොවන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනු ලැබුවා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...