යුධකාලීන ජනාධිපති මහින්ද යුද්ධය පිළිබඳ මතය වෙනස් කරයි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර පලස්තීන ජනතාව සමග සහයෝගීතාවයෙන් නැගී සිටීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා.

පලස්තීන තානාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවලදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ලෝකයේ කොතැනකවත් ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවත් යුද්ධය විසඳුම නොවන බවත්ය.

සාමකාමී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකාවේම අත්දැකීම් ඔස්සේ යමින්, දෙරටේම සිවිල් වැසියන්ගේ සමෘද්ධිය පිළිබඳ පොරොන්දුව දරණ සාමයේ හදිසි අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා.

“පලස්තීනය සමග සහයෝගීතාවය සඳහා වූ ශ්‍රී ලංකා සංගමයේ ආරම්භක සභාපතිවරයා ලෙස මම පලස්තීන අරමුණට නිරතුරුව සහයෝගය දැක්වුවා,”

යුද්ධය කිසිවිටෙකත් විසඳුමක් නොවන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනු ලැබුවා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!