අලුත් මර්දන පනත් ගෙනෙන රනිල් එදත් කළේ නමට පමණක් පිටු දහස් ගණන් වැයකර ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පමණක් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. එවැනි පිටු ගණනකට ජනතාවගේ අදහස් විමසූ නමුත් අන්තිමට එහි ප්‍රතිඵලය වූයේ බින්දුව බවද මන්ත්‍රිවරයා පැවැසීය.
ඔහු සඳහන් කරන්නේ මේ රටේ ජනතාව හැමදාමත් දේශපාලනඥයන්ගේ වහසි බස්වලට රැවටීම පොදු ලක්ෂණයක්ව පවතින බවය. ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
මේ රටේ හුදු ප්‍රතිසංස්කරණ, කුඩා කුඩා නීතිවලින් දූෂණ නවත්වන්න බැහැ. පොදු ජනතාව අතට බලය මාරු වීමෙන් පමණයි මේ රටේ දූෂණය, වංචාව, නාස්තිය නවත්වන්න පුළුවන්. විශේෂයෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම්, වතුකරයේ සියලුම අයගේ සහාය මේ සඳහා අවශ්‍යයි. සමහරු උතුර කේන්ද්‍ර කරගෙන, සමහරු දකුණ කේන්ද්‍ර කරගෙන, තමන්ගේ දේශපාලනයේ නියැළෙනවා. ජාතික ජන බලවේගය පමණයි මේ සියලුම ජනතාව එක කුඩයක් යටට ගෙන දේශපාලනය කළ හැකි එකම ව්‍යාපාරය.
උතුරේ දික්ගැහුණු යුද්ධයක් තිබුණා. ඉන් ජීවිත දහස් ගණනක් අහිමි වුණා. දරුවන් නැතිව අම්මලා දරුවන් එනතුරු බලාගෙන ඉන්නවා. ස්වාමිවරුන් නැති බිරින්දෑවරුන් ඉන්නවා. දරුවෝ නැති අම්මලා ඉන්නවා. වේදනාවක් පිරුණු උතුරක් තිබෙන්නේ. අපේ රටේ දීර්ඝකාලීන විසදුම් බලන් ඉන්න ජනතාවක් ඉන්නේ. මේ දේශපාලනය උතුරේ මෙන්ම දකුණෙත් තවමත් පවතිනවා. ඒකට විසදුමක් නෑ. හැමදාම මේ රටේ මිනිස්සු දේශපාලනඥයන්ට රැවටෙනවා. එවැනි රැවටිල්ලකින් කිසිම දිනක රටක් ගොඩ ගන්න බැහැ.
රනිල් වික්‍රමසිංහ එදා අගමැතිව ඉද්දි අලුත් ව්‍යවස්ථාවන් හදන්න කමිටුවක් පත්කළා. අවුරුදු හතරහමාරක් තිස්සේ මේක සාකච්ඡා කළා. මහජන අදහස් විමසන්න කමිටුවකුත් ගෙනාවා. හැම තැනම ගිහින් ජනතාවගේ අදහස් යෝජනා ගත්තා. පිටු දහස් ගණන් පිරෙන්න පොත් ගැහුවා. රනිල් අවුරුදු හතරහමාරක් ඒ කමිටුවේ මුලසුන දැරුවා. රැස්වීම් අසූ දෙකක් තිබුණා. හැබැයි එහි පිළිතුර බින්දුවයි. ඒ නිසා අපි හදන්න ඕනේ කාගෙත් සමඟිය තියෙන රටක්. ඒ සඳහා විසදුම තියෙන්නෙ ජාතික ජන බලවේගය සතුව පමණයි. අපි ඔක්කොම එකතු වෙලා හදන ආණ්ඩුවක් පමණයි රටේ හැම ජනතාවටම විසදුමක් සෙවිය හැක්කේ.
වතුකරයේ ජීවිත බලන්න. 2023 වෙනකොට ඉන්දියාවෙන් කම්කරුවන් කිහිපදෙනෙක් ඇවිත් තිබෙනවාද? ඔවුන් අදටත් විඳින දුක් අපේ ඇස් පනාපිට පෙනෙන්නට තිබෙනවා. තමන්ට කියලා ගෙයක් නෑ. එහෙව් රටක් මේක 50%ක්ම රටේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙන්නේ. තමන්ට ආහාර වේලක් උපයා ගන්න බැරි වැටුපක් තිබෙන්නේ. අපි මෙහෙම ජීවත් විය යුතුද? අපි හැම ජාතියකටම හැම ආගමකටම එක සේ පිළිගත් රටක් හැදිය යුතුයි. සෑම මිනිසකුටම අපි ගරු කරන රටක් හැදිය යුතුයි.