දේවගැති ජෙරම් අත්අඩංගුවට ගන්න පොලිසිය ගුවන් තොටේ රදවයි…

ආගම් වලට අපහාස කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වාගෙන යන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී දේවගැතිවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති නිසා මෙසේ අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

ඔහුට එරෙහිව රහස් පොලිසියට මේ වනවිට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඔහු පැවසීය.

විදෙස් ගමන් තහනමක් ඔහුට එරෙහිව ලබාගෙන ඇතත් ඔහු විදේශගත වී ඇති බවද හෙතෙම සදහන් කලේය.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...