හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව පිරිනැමූ රෝයල් පාර්ක් ඝාතනයේ චූදිත ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ නිදහස් කිරීමට අල්ලසක් ලබාදීමට උත්සාහ කළ බවට ඇමැති මහින්ද අමරවීර චෝදනාවක් කර තිබෙනවා.
වරදකරු නිදහස් කර ගැනීම සඳහා තමා ඇතුළු පිරිසට අල්ලසක් දීමට ඉදිරිපත් වූ බව ද ඇමැතිවරයා පවසනවා.
2019 වසරේ ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කරනු ලැබුවා.
2005 වසරේ ඔහුට මරණ දඬුවම ලබා දුන්නේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
අමරවීර ඇමැතිවරයා පවසන්නේ ඔහුට දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය ඉවෝන් ජොන්සන්ගේ පවුල ඇතුළු සමාජයේ විශාල පිරිසකගේ දැඩි විවේචනයට හේතු වුණා.