දරුවන් වෙනුවෙන් සිනමා ශාලාවක් – අග්‍රාමාත්‍යවරයා ලෝක ළමා දිනය දා පොරොන්දු වෙයි

රුවන්ගේ තෘප්තිය සඳහා තවත් මාවතකට දොරටු විවර කිරීමක් ලෙස ළමා සිනමා ශාලාවක් රට තුළ විවෘත කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති ළමා දින සැමරුම් උත්සවයට එක්වෙමින්.

“අපේ රටේ ළමා සිනමා ශාලාවක් නැහැ. එවැනි ශාලාවක් හදන්න අවශ්‍යයි. ලොකු ෆිල්ම් හෝල් අවශ්‍ය නැහැ. අපි අගමැති කාර්යාලය සහ පළාත් සභා එක්ක එකතුවෙලා මේ වගේ ව්‍යාපෘතියකට සහයෝගය දෙන්න ලෑස්තියි. එහෙම කරලා දරුවන්ගේ තෘප්තිය සඳහා වෙනත් මාර්ගයක දොරක්, අපිට විවෘත කරන්න පුළුවන්” අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

දරුවන්ට යහපත් අනාගතයක් උදාකරදීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් රජය පියවර රැසක් ගනිමින් සිටින බවද ඔහු මෙහි දී පවසා තිබෙනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!