දෙරණට ‘ROLL’ සහ ‘ROLE’ පැටලිලා

පසුගිය දා නිමාවූ දෙරණ 8 වැනි සිනමා උළෙලේ දී සම්මාන ලැබූ කලාකරුවන් වෙනුවෙන් පිරිනැමූ සම්මානවල ‘Role’ යන්න ‘Roll’ ලෙස මුද්‍රණය කර තිබීම මේ වන විට සමාජ මාධ්‍යන්වල දැඩි ලෙස විවේචනය වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් එම සම්මාන මුද්‍රණය කළ Flexport Innovations (Pvt Ltd) නැමති සමාගම දෙරණ ආයතනයට සහ සමාජ මාධ්‍යවල ඡායාරූප පළ වීම නිසා අපහසුතාවට පත් වීම හේතුවෙන් අදාළ කලාකරුවන් වෙත කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් දෙරණ ආයතනය සම්මානිත කලාකරුවන් සඳහා සුභ පැතුම් එක් කරමින් හැදූ ෆේස්බුක් පෝස්ට්වල ද එම වැරැද්ද ඒ ආකාරයෙන්ම කර ඇති බව දකින්නට ලැබුණා.

Latest News

error: Content is protected !!