කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් සංවිධානය කළ උපහාර උළෙලක් පිළිබඳ එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යන් විසින් පවත්වා ගෙන යනු ලබන ෆේස්බුක් පිටුවක පළ කර දැන්වීමකට ප්‍රතිචාර රැසක් හිමිව තිබෙනවා.
ඔවුන් එය නම් කර තිබුණේ නාලන්දා මාතාව නිෂ්පාදනය කළ පළමු පොලිස්පතිවරයාට උපහාරයක් ලෙසින්.
ඒ අනුව එම පෝස්ටුවට 5.7k ඉක්මවා 😂 රිඇක්ෂන් ප්‍රමාණයක් ලැබී ඇති අතර ලයික් හිමි වී ඇත්තේ සිය ගණනක් පමණයි.
එයට ප්‍රතිචාර දැක් වූ බොහෝ දෙනෙක් මෙරට අධිකරණයකින් වරදකරුවකු බව ප්‍රකාශ කළ ඒ මහතා පොලිස්පති ධුරය දැරීම පිළිබඳ ප්‍රශ්ණ කර ඇති ආකාරය දැකගත හැකියි.