ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදේශගතව සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වි තිබේ.
ඇය රූපලාවන්‍ය ශිල්පී තිරාණි පීරිස් මහත්මියගේ සහ නීතීඥ ගීතාල් මහතාගේත් එකම දියණිය වේ. එම පවුලේ නෙතාෂාට සිටින්නේ වැඩිමල් සොයුරෙකු පමණි.
ලයිසියම් ජාත්‍යන්තර පාසලින් 2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි නෙතාෂා මැලේසියාවේ ඇය පදිංචිව සිටි නිවස්නයේදී හදිසියේ අසනීපවී ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තාවේ.