පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට – ජනපති

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන දෙකට අදාළ වාර්තා අවසන් තීරණයකට එළඹීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කර ඇත්තේ ඒ අනුව බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ දෙක අවසන් වූ පසු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා අවසන් තීරණ ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මේ අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රහාර පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට පවසමින් හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...

තලෙයිබාන් ක්‍රමයට ඇමරිකාවට පණිවිඩයක්

තලෙයිබාන් සංවිධානය පාලනය කරනු ලබන ඇෆ්ගනිස්තානයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය...

ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමේ…

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන් තොටුපළ නැවත දැනුම් දෙන...

2026 ජනවාරි 01වැනිදා සිට පාසල්වල නව පෙරළියක්

2026 ජනවාරි 01 දා සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය...
error: Content is protected !!