එවරස්ට් කන්ද තරණය කරමින් සිටිය දී මිය ගිය මොන්ගෝලියානු කඳු නගින්නන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් සමත් වී තිබෙනවා.
එය මේ වසරේ කඳු නැගීමේ සමයේ පළමු තහවුරු කරන ලද පළමු මරණ දෙක සනිටුහන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කඳු නගින්නන් වන 53 හැවිරිදි Usukhjargal Tsedendamba සහ 31 හැවිරිදි Purevsuren Lkhagvajav, අවසන්වරට සන්නිවේදනය කර ඇත්තේ කඳු මුදුනට මදක් පහළින් පිහිටි 4 කඳවුරේ සිටයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අභියෝගාත්මක සෝදිසි කිරීමේ උත්සාහයකින් පසු දළ වශයෙන් මීටර් 8,600 කට ඉහළින් Tsedendamba ගේ සිරුර පළමුව සොයා ගත් බව ගලවා ගැනීමේ කණ්ඩායම් පවසනවා.
එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුන වන අතර එය උසින් මීටර් 8,849 (අඩි 29,032) ක් වන අතර නිලධාරීන් පවසන්නේ පුද්ගලයින් 6,500 කට වැඩි පිරිසක් එහි උසම ස්ථානයට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත්, මාරාන්තික ගමන තුළ පුද්ගලයින් 335 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා පවසනවා.