මෙහේ වීසා ගාස්තු නග්ගද්දි තායිලන්තයෙන් ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවකට ෆ්‍රී වීසා

ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලින් වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා වීසා ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කිරීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය යෝජනාවක් අනුමත කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසා තිබෙනවා.

ඒ අනුව වීසා නොමැතිව එරටට පැමිණීමට අවසර ලබා දෙන විදෙස් රටවල් ලැයිස්තුවට තවත් රටවල් කිහිපයක් එක් කිරීමටයි එරට රජයේ අවධානය යොමු වී ඇත්තේ.

ඊට ශ්‍රී ලංකාව ද අයත්.

ඒ අනුව ශ්‍රී ලාංකික සංචාරකයින් ඇතුළු අවසරලත් සෙසු රටවල සංචාරකයන්ට තායිලන්තයට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර දින 60 ක් දක්වා එරට රැඳී සිටිමේ හැකියාව පවතිනවා.

තායිලන්තයේ මෙම නව වැඩපිළිවෙල අනුව වීසා රහිත ඇතුළුවීමට සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මුලපිරීම සංචාරක ව්‍යාපාරය මත දැඩි ලෙස රඳා පවතින ජාතික ආර්ථිකය නංවාලීම අරමුණු කර ගෙන ඇති බව ඔහු පවසා තිබෙනවා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!